පෑලියගොඩ සහ වත්තල පොලිස් වසම්වල පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා.

පොලිසිය පැවසුවේ පෑලියගෙඩ, වනවාසල පාර, තොරණ හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 59ක් පමණ වූ පුද්ගලයෙකි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා වනවාසල පාර, දුම්රිය පාලම අසල සිටියදී පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ තියුණු ආයුධවලින් පහරදී පළාගොස් තිබෙනවා.

තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බවද පොලිසිය පවසනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය පවසනවා.

මේ අතර වත්තල, ඇල පාර, පල්ලිය වත්ත ප්‍රදේශයේදී ද පුද්ගලයකු කැපුම් තුවාල සහිතව වැටී සිටින බවට වත්තල පොලිසියට ලද දුරකථන පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ කැපුම් තුවාල සහිතව සිටි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් සිටි බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාතර වෙහෙරහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 68ක් පමණ වන පුද්ගලයෙකි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා වත්තල ප්‍රදේශයේ හෝටලයක සේවය කරන පුද්ගලයකු බවත් 28 වන දින රාත්‍රී කාලයේ පුද්ගලයින් පිරිසක් පැමිණ තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවත් පොලිසිය දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මෘතදේහය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ පවතින බවත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content