ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබෙනවා .

මෙවර ළමා දින තේමාව වශයෙන් නම් කර ඇත්තේ සියල්ලටම වඩා දරුවන් වටී යන්නයි.

එමෙන්ම වෙනස් වන ලෝකයක වැඩිහිටි පුද්ගලයින්ගේ ඔරොත්තු දීමේ හැකියාව යන්න මෙවරද වැඩිහිටි දින තේමාව ලෙස නම් කර තිබෙනවා .

වී එෆ් .එම් ප්‍රවෘත්ති අංශය ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් සැකසු විශේෂාංගය දැන් .

https://www.vnews.lk/storage/2023/10/CHILDRANS-DAY-FEATURE-MIX.mp3?_=1

එමෙන්ම මෙවර ලෝක ළමා දින උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා .

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය හා අගමැති කාර්යාලයේ මූලිකත්වයෙන් සිදු කෙරෙන මෙම උත්සවයට ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ද සහභාගි වීමට නියමිතයි

මේ අතර අදට යෙදී තිබෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් දෙහිවල සත්වෝද්‍යානය නැරඹීම සදහා නොමිලේ ඇතුළත්වීමේ අවස්ථාව ලබාදී තිබෙනවා

ඒ, වසය අවුරුදු 12න් පහළ දරුවන් සඳහායි .

එදින දරුවන් වෙනුවෙන් විශේෂාංග රැසක් සංවිධානය කෙරෙන බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සදහන් කලේ

WhatsApp Group

Skip to content