ශ්‍රී ලංකාවේ වාහකයින් මගින් බෝවන ඩෙංගු, මැලේරියා, බරවා සහ ලීෂ්මේනියා (Dengue, Malaria, Filariasis, & Leishmaniasis) රෝග පිළිබඳ ඒකාබද්ධ බාහිර සමාලෝචනයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් විසින් මෙරට දී සිදු කරන ලදි.

ඒ අනුව දින 03 ක් පුරා ක්ෂේත්‍ර නිරික්ෂණය කිරීමෙන් අනතුරුව ලබාගත් දත්ත හා තොරතුරු පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය ඇතුලු නියෝජිත පිරිස ඊයේ (17) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා දැනුවත් කිරිමට කටයුතු කරන ලදි.

මෙහිදී ඩෙංගු, මැලේරියා, බරවා සහ ලීෂ්මේනියා රෝග මර්දනය සහ පාලනය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ක්‍රියාත්මක ප්‍රතිකාර සේවාවන් ඉතා විශිෂ්ට මනා කළමණාකරණයකින් සහ සාධනීය මට්ටමක පවතින බව එම නියෝජිත පිරිස සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වෙත පෙන්වා දෙන ලදි.

WhatsApp Group

Skip to content