ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ 100 වැනි සංවත්සර සමුළුව මේ දිනවල ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වේ.

එම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් සහභාගි වූහ.

ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Hugo Idoyaga Benitez මහතාගේ ආරාධනයක් පරිදි අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස මෙම සමුළුවට සහභාගි වී සිටියහ.

WhatsApp Group

Skip to content