ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව, ශ්‍රි ලංකා නාවික හමුදාව අම්පාර ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් 2024 ජුලි මස 15 සහ 16 යන දිනයන්හීදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා දන්ත වෛද්‍ය සේවාව මඟින් සංවිධානය කල මෙම වැඩසටහන අම්පාර, පානම මහ විද්‍යාලය සහ අම්පාර නුගේලන්ද මහා විද්‍යාලයේ දරුවන්ගේ යහපත් මුඛ සෞඛ්‍ය දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් පවත්වන ලද අතර, දරුවන් දෙසිය පනහකට (250) ආසන්න ප්‍රමාණයක් සහභාගී වූ මෙම වැඩසටහන තුළ දන්ත සායන පැවැත්වීමද සිදු කෙරිණි.

WhatsApp Group

Skip to content