ආබාධ තත්වයක් නිසා මෙම වසරේ පැවැත් වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවය සඳහා තමන් සහභාගී නොවන බව කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් බලධාරීන් වෙත දැනුම් දී තිබෙනවා.

පසුගියදා යුපුන් අබේකෝන් සහභාගී වූ පළමු මීටර් 100 තරගයේ දී ඔහු ආබාධයට ලක් වූ අතර එම නිසා ඔහුට මෙම වසරේ සහභාගී වීමට තිබූ තරග කිහිපයකින්ම ඉවත් වීමට සිදු වුණා.

මීටර් 100 ඉසව්ව තත්පර 10 කට අඩු කාලයකින් අවසන් කළ පළමු සහ එකම දකුණු ආසියානු ක්‍රීඩකයා වන යුපුන් අබේකෝන් නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ලෝකඩ පදක්කම ද දිනා ගැනීමට සමත් වුණා.

 

WhatsApp Group

Skip to content