ලෝක දියවැඩියා දිනය අදට යෙදී තිබෙනවා .

එයට සමගාමිව කොළඹ ජාතික අක්ෂි රෝහලේ ශ්‍රවණාගාරයේ දී දියවැඩියා රෝගය පිළිබදව දැනුවත් කිරිම අරමුණූ කර ගනිමින් ඊයේ දිනයේදී මාධ්‍ය සම්මන්ත්‍රණයක් පැවැත් වුණා .

මෙරට ජනතාවගෙන් සියයට 11 ක් පමණ දියවැඩියාව රෝගයෙන් පෙලෙන බවයි එහිදී අදහස් දක්වමින් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා  ප්‍රකාශ කලේ .

අදාළ රෝගීන් වසරකට වරක් නොවරදවාම අක්ෂි පරික්ෂණයකට යොමු විය යුතු බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළා .

https://www.vnews.lk/storage/2023/11/KAPILA-EDIT.mp3?_=1

එමෙන්ම දෘෂ්ඨි විතානය පිළිබද අක්ෂි ශල්‍ය වෛද්‍ය මංගල ධනපාල මහතා මෙහිදී අදහස් දක්වමින් පවසුවේ මෙරට ජනගහනයෙන් මිලියන 03 ක් ප්‍රතිකාර ලබාගන්නා දියවැඩියා රෝගීන් ලෙස හදුනාගෙන ඇති බවයි .

https://www.vnews.lk/storage/2023/11/MANGALA-DANAPALA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content