එක්දින ලෝක කුසලාන තරඟාවලියේ 06 වැනි තරඟයෙන් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ, නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 99න් පරාජයට පත් කරමින්.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 322ක් රැස් කළා.

එහිදී විල් යන්ග් ලකුණු 70 ක්, නායක ටොම් ලේතම් ලකුණු 53 ක් හා රචින් රවීන්ද්‍ර ලකුණු 51 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 3ක් අවසානයේදී සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 223ක් පමණයි.

පන්දු යැවීමේ දී මිචෙල් සැන්ට්නර් ලකුණු 59 කට කඩුලු 5ක් සහ මැට් හෙන්රි කඩුලු 3 ක් බිද හෙලුවා.

WhatsApp Group

Skip to content