එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 14 වැනි තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් කඩුළු 5ක ජයක් වාර්තා කිරීමට ඕස්ටේ‍රලියා කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 03ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 209ක්.

එහිදී කුසල් ජනිත් පෙරේරා ලකුණු 78ක් සහ පැතුම් නිශ්ශංක ලකුණු 61ක් රැස් කළා.

පන්දු යැවීමේදී ඇඩම් සම්පා ලකුණු 47ට කඩුළු 4ක් බිදහෙළීමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේ‍රලියානු කණ්ඩායම පන්දුවාර 35යි පන්දු 2ක් අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 215ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

එහිදී ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 58ක් සහ මිචෙල් මාෂ් ලකුණු 52ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී දිල්ෂාන් මදුෂංක ලකුණු 38 කඩුළු 03ක් බිදහෙළුවා.

 

WhatsApp Group

Skip to content