එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද පැවැත්වෙනවා.

ඒ දකුණු අප්‍රිකාණු කණ්ඩායමට එරෙහිවයි.

දිල්ලි හිදී පැවැත්වෙන තරගය අද පස්වරු 02ක ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ආබාධයක් හේතුවෙන්  දග පන්දුයවන ක්‍රිඩක මහීෂ් තීක්ෂණට අද තරගයට ක්‍රිඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහි තරගයෙන් ලකුණු 81 ජයක් ලබන්නට පාකිස්ථාන කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානට පන්දුවාර 49කදි සියල්ලන් දැවී ලකුණු 286ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 41ක් තුළ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 205ක් පමණයි.

WhatsApp Group

Skip to content