එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 26 වන තරගය අද පැවැත්වෙනවා.

එහිදි දකුණු අප්‍රිකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

ඉන්දියාවේ චෙන්නායි හිදි පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 2 ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ එංගලන්තයට එරෙහිව ලද ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පස්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

මෙම ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් සත්කාරක ඉන්දීය කණ්ඩායම පෙරමුණේ පසුවන අතර දෙවන සහ තෙවන ස්ථානයන්හි පිළිවෙලින් පසුවන්නේ දකුණු අප්‍රිකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායමයි.

මේ අතර ඊයේ ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

https://www.vnews.lk/storage/2023/10/CRICKET-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content