2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවටය අද සිට ආරම්භ වනවා.
සිම්බාබ්වේහිදීයි තරග පැවැත්වෙන්නේ.
සමාරම්භක දිනයේ තරග දෙකක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගයට එක්වන්නේ හෙට එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිවයි.
ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයට කණ්ඩායම් 10ක් තරග කරනවා.
අද එක් තරගයක් සිම්බාබ්වේ සහ නේපාල කණ්ඩායම් අතර පැවැත්වෙනු ඇති.

අනෙක් තරගය බටහිර ඉන්දිය කොදෙව් සහ අමෙරිකා එක්සත් ජනපදනය අතරයි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

WhatsApp Group

Skip to content