විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටළු සඳහා ථෙරවාද බුදු දහම තුළ විසඳුම් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එබැවින් ථෙරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගනිමින් එය ලෝකය වෙත ගෙන යාමට කටයුතු කළයුතු බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවය විද්‍යුත් තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කලා.

මේ මස 21 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන අතර මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සදහා රටවල් 12ක බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩම කර සිටිම ද විශේෂත්වයක්. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය
මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමිනුයි පැවැත්වෙන්නේ.

WhatsApp Group

Skip to content