ශ්‍රී ලංකාව සමග පවතින සතුන් හුවමාරු කරගැනීමේ අවබෝධතා වැඩසටහන යටතේ ද්විත්ව කරමල් කැසොවරි ( Double Wattled Cassowary) පක්ෂින් තිදෙනෙකු ශ්‍රී ලංකාවට ලබාදීමට තායිලන්ත රජය කටයුතු කළා.

ඊයේ රාත්‍රියේ මැලේසියාවේ සිට කටුනායක බලා පැමිණි මැලේසියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානාවකින් මෙම පක්ෂින් රැගෙන විත් තිබෙනවා.

මාස 09 ක් පමණ වයසැති පිරිමි කැසොවරි කුරුල්ලන් 02ක් සහ එක් කැසොවරි කිරිල්ලියක් මෙරටට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

එම කුරුල්ලන් අඩි 05 ක් පමණ උසට වැඩෙන අතර කිලෝ ග්‍රෑම් 60 ක් පමණ බරක් දක්වා වර්ධනය වන බවත් එම කුරුල්ලන් ලෝකයේ නපුරුම කුරුල්ලන් ඝනයට අයත් වන බවත් ලෝකයේ දෙවන විශාලතම පක්ෂීන් කාණ්ඩයට අයත් බවත් සදහන් වෙනවා.

WhatsApp Group

Skip to content