නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ මහත්මියව එළැඹෙන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඇයට කළ දැනුම් දීමකට අනූව ගංගොඩවිල අධිකරණය හමුවේ අද පෙනී සිටී අවස්ථාවේදියි.

මින් පෙර අවස්ථා කිහිපයකදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ඇයට දැනුම් දීම් සිදු කර තිබුණා.

ඒ අනුව ඇය අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර එහිදී ඇයව අත්අඩංගුවට ගෙන තිබුණා.

WhatsApp Group

Skip to content