එක්සත් ජනපදයේ අධ්‍යයනයකින් ප්‍රථම වරට මිනිස් මොළයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයාගෙන තිබෙනවා.

මෙම අධ්‍යයනය, බියජනක, කම්පන සහගත සහ තැති ගන්වන සුලු ලෙසයි විදෙස් මාධ්‍යවල විස්තර කර ඇත්තේ.

පානීය ජලය සහ එදිනෙදා ආහාර ද්‍රව්‍ය බොහෝමයක් තුළ ක්ෂුද්‍ර ප්ලාස්ටික් වාර්තා වී ඇති අතර මිනිසුන් විසින් නිරන්තරයෙන් ඒ සදහා නිරාවරණය වන බවයි පැවසෙන්නේ.

සාමාන්‍ය මරණ පරීක්ෂණ වලින් මියගිය පිරිමි සහ ගැහැණු සාම්පල 51 ක ක්ෂුද්‍ර ප්ලාස්ටික් සාන්ද්‍රණය අධ්‍යයනයෙන් සොයා බලා තිබෙනවා.

ඒ සඳහා අක්මාව, වකුගඩු සහ මොළයෙන් සාම්පල ලබාගෙන ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content