පැහැර ගැනීමකට ලක්වූ ලෝරේන්සෝ පුතා – 04 බහුදින යාත්‍රාව මුදාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් එම ධීවර යාත්‍රාව සහ එහි සිටි ශ්‍රී ලාංකික ධීවරයන් පිරිස මුදාගෙන ඇති බවයි.

එහිදී සීසෙල්ස් නාවික හමුදාව විසින් මුහුදු කොල්ලකරුවන් තිදෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා කියා සිටියේ.

යාත්‍රාව සහ ධීවරයින් හය දෙනාම නිරුපද්‍රිතව සිටින බව සීෂෙල්ස් නාවික හමුදාව තහවුරු කර තිබෙනවා.

මේ වන විට එම ධීවර යාත්‍රාව සීෂෙල්ස් හි වික්ටෝරියා අගනුවර වෙත රැගෙන යමින් පවතින බවද සඳහන්.

මේ අතර ධීවර යාත්‍රාව මුදාගෙන ඇති බව සීෂෙල්ස් තානාපති කාර්යාලය විසින් තහවුරු කළ බව ධීවර දෙපාර්තමේන්තුවද සඳහන් කරනවා.
සිය මංගල මුහුදු ගමනට දික්ඕවිට වරායෙන් පසුගිය 12 වනදා එක්වූ ලෝරේන්සෝ පුතා 04 බහුදින යාත්‍රාව ධීවරයින් හය දෙනෙකු සමගින් මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහරණයට ගෙන තිබුණේ 27 වැනි සෙනසුරාදා දිනයේදීයි.

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් අරාබි මුහුදේදී පැහැර ගැනීමට ලක්වූ ධීවරයින් සහිත ධීවර යාත්‍රාව අද දහවල් සීසෙල්ස් මුහුදු තීරයට ඇතුළත්වීමේදී එරට වෙරළාරක්ෂක හමුදාව විසින් සොයාගෙන ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ එම අමාත්‍යංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 

WhatsApp Group

Skip to content