වවුනියාව මන්නාරම ප්‍රධාන මාර්ගයේ කන්නාට්ටි ප්‍රදේශයේදී අද(16) උදැසන මවක් හා දියණියක් ලොරි රථයක ගැටීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

දරුවා උදෑසන පාසල් රැගෙනයාමට බස් රථයක් එනතෙක් බලාසිටි මවක් හා පාසල් යාමට සිටි දරුවෙකු එලෙස ලොරි රථයට යටවි ඇති බවයි පොලීසිය සඳහන් කර අතර මව හා දරුවා බස් රථයක් පැමිණෙන තෙක් බලා සිටින අවස්ථාවේ අධික වේගයෙන් පැමිණි ලොරි රථයක් මවගේ හා දරුවාගේ ගැටී ඇති බවද පොලිසිය පැවසුුුවා.

අනතුරින් 36 හැවිරිදි කාන්තාවක් හා වයස අවුරුදු හයක් වු දැරියක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර, අනතුරත් සමඟ ලොරි රථය පළා යමට උත්සහ කළ බවද ප්‍රදේශවාසීන් පැවසූ අතර ප්‍රදේශවාසීන්  ලොරි රථය නවත්වා රියදුරු අල්ලාගෙන හා   ලොරි රථය පෙරළා ගිනි තැබීමටද උත්සහ කර තිබුණා.

පරයානන්කුලම පොලිසිය මැදිහත්ව තත්වය සමතයකට පත්කළ අතර, මළ සිරුරු වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයට යොමු කිරීමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පරයානන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

WhatsApp Group

Skip to content