බිංගිරිය පොලිසිය විසින් විලත්තව ප්‍රදේශයේ සිදු කළ පරීක්ෂාවක දී ලොරියක් තුළ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

අදාළ ලොරිය පරීක්ෂා කර ඇත්තේ මාර්ග බාධකයක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට පහළ වූ සැකයක් මත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.

එහි දී සූක්ෂ්ම ලෙස සඟවා තිබූ ප්ලාස්ටික් බටවල අසුරන ලද පුපුරණ ද්‍රව්‍ය අඩංගු බට 89ක්, අඩි 80ක දිගින් යුත් සේවා නූල් 21ක්, ඩෙටනේටර් 100 බැගින් අසුරන ලද පෙට්ටි 9ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා .

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 33ක් හා 44ක් වූ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

ඔවුන් අද හෙට්ටිපොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි .

WhatsApp Group

Skip to content