ලබන මාසයේ සිට ලොතරැයි පතක මිල රුපියල් 40 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

නමුත් ලොතරැයි අලෙවිකරුවන්ගේ කොමිස් මුදල ඉහළ නැංවීමට එකඟවී නොමැති බවයි සමස්ත ලංකා ලොතරයි අලෙවි නියෝජිත සංගමය පවසුවේ.

එහි ප්‍රධාන ලේකම් බී. එස්. එස්. මාරසිංහ මහතා කියා සිටියේ කොමිස් මුදල ඉහළ නොදමන්නේ නම් ජූලි 7 වන දා සිට ලොතරැයි අලෙවියෙන් ඉවත්වන බවයි.

WhatsApp Group

Skip to content