සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් තුළින් දිවයිනේ එක් එක් දිස්ත්‍රික්කවලින් බිහි වූ සුපිරි ජයමල්ල ඇතුලුව රුපියල් ලක්ෂ 10 යේ ජයග්‍රහකයින් කිහිප දෙනෙකු සදහා චෙක්පත් ප්‍රධානය ඊයේ දින සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ්‍රයේ දී සිදු වුණා.

ඒ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රධානත්වයෙන්.

දශක 4 ක් පුරා සිය ජාතික මෙහෙවර ඉටු කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් පාරිභෝගික ජනතාව හට ජයග්‍රහණ ලබා දීමට අමතරව ජනාධිපති අරමුදල හරහා අසාද්‍ය රෝගවලින් පෙළෙන රෝගීන් සුවපත් කිරීම ද මේ හරහා සිදු වනවා.

එමෙන්ම මහපොළ උසස් ශිෂ්‍යත්ව අරමුදල පෝෂණය කිරීම සදහා රාජ්‍ය ආයතනයක් වශයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විශාල දායකත්වයක් ද ලබා දෙනු ඇති.

 

WhatsApp Group

Skip to content