බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස ලූලා ද සිල්වා තුන්වන වරටත් දිවුරුම් දී තිබෙනවා.

ඒ සියයට 50 යි දශම 9 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් .

ලූලා ද සිල්වා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ප්‍රකාශ කළේ ජනතාව සමඟ එක්ව රට නැවත ගොඩනගන බවයි.

දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ දිවුරුම්දීමේ උත්සවය පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දූෂණ සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ලූලා ද සිල්වාට බ්‍රසීල අධිකරණයක් මඟින් මීට වසර කිහිපයකට පෙර සිර දඬුවමක්ද නියම කර තිබෙනවා.

ඔහු පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවති බ්‍රසීල ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ වසර දෙකකට ආසන්න කාලයක් සිර දඬුවම් විදීමෙන් පසුවයි.

WhatsApp Group

Skip to content