`වෙළඳපොළේ ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 50කින් පහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් ලූනු ආනයනකරුවන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ ඉන්දියාව විසින් ලොකු ලූනු සඳහා පනවා තිබූ අපනයන සීමාව ඉවත් කිරීම හේතුවෙන් වෙළඳපොළට සීමා ඉක්මවා ලොකු ලූනු තොග පැමිණ ඇති බවයි.

මීට අමතරව පසුගිය කාලසීමාවේදී රජය විසින් චීනයෙන්ද ලොකු ලූනු තොග ගෙන්වනු ලැබූවේ ඉන්දියාව ලොකු ලූනු අපනයනයට පැනවූ සීමාවත් සමග ලොකු ලූනු කිලෝග්‍රෑමයක මිල රුපියල් 700 ක් දක්වා ඉහළ යාමත් සමගයි.

WhatsApp Group

Skip to content