ලිස්ටීරියා බැක්ටිරියාව ආසාදනය වු බවට සැකකෙරෙන පාසල් සිසුවෙකු බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තාවනවා.

බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ 15 හැවිරිදි පාසල් සිසුවෙකු මෙලෙස රෝහලට ඇතුලත් කර ඇති බවයි.

එම සිසුවා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ද ඔහු සදහන් කළා.

ශ්‍රී පාද වන්දනාවේ නිරත ඇතැම් පිරිස් අතර රෝගී තත්ත්වයක් පැතිර යමින් තිබෙන බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළවුණා.

WhatsApp Group

Skip to content