ඖෂධ සඳහා වන සුදුසුකම් ලත් ලියාපදිංචි සැපයුම්කරුවන් ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා මෙම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා දැනුම් දී ඇත.

ඒ හරහා ඇතැම් ඖෂධ සැපයීමේ දී පවතින ඒකාධිකාරීත්වය වෙනුවට තරගකාරීත්වයක් ඇති වෙමින් ඒ තුළ ඖෂධ හිඟය හා මිල ඉහළ යාම වැනි තත්ත්වයන් පාලනය කර ගැනීමට හැකි වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

WhatsApp Group

Skip to content