දිවයින පුරා පෞද්ගලික වෛද්‍ය ආයතන සහ රෝහල් දසදහසක් ඇති බව අනාවරණ වී තිබෙනවා.

නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ මේ වන විට ලියාපදිංචි වී ඇත්තේ ඉන් දෙදහස් දෙසීයක් පමණක් බවයි වාර්තාවන්නේ.

එම සභාවේ ලේකම් සහ පෞද්ගලික රෝහල් සංවර්ධනය කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිලිප් එච්. ලියනගේ මහතා ප්‍රකාශ කළේ ලියාපදිංචි නොවූ පෞද්ගලික රෝහල් සහ සෞඛ්‍ය ආයතන සිය නියාමන සභාව යටතේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු බවයි.
එසේ ලියාපදිංචි නොවූ පෞද්ගලික රෝහල් සහ ආයතනවලට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවයි ඒ මහතා සඳහන් කලේ .

WhatsApp Group

Skip to content