දරුණු ගංවතුර තත්ත්වයකට මුහුණ දී දිවි ගලවා ගත් ලිබියානු ජනතාව තවත් අර්බුදයකට මුහුණ දී තිබෙනවා.

ගංවතුර තත්ත්වයෙන් පසු ජලය දූෂණය වීමත් සමග ජලයෙන් බෝවන රෝග පැතිරීම සිදුවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව දූෂිත ජලය සහ දුර්වල සනීපාරක්ෂාව හේතුවෙන් කොලරාව, පාචනය, අතීසාරය, හෙපටයිටීස් ඒ, ටයිපොයිඩ් සහ පෝලියෝ වැනි රෝග ජනතාව අතර පැතිරෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කර තිබෙනවා.

පසුගියදා ලිබියාවේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයෙන් 20,000ට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් 10,000ට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

WhatsApp Group

Skip to content