අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කරනු ලැබුවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145 කින් ඉහළ දමා තිබෙනවා.

එහි නව මිල සටහන් වන්නේ රුපියල් 3127 ක් ලෙසයි.

මේ අතර කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 58 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1256 ක් වනවා.

කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 26 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 587 ක් වනවා.

මේ, ඒ පිළිබදව අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් පළ කළ ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා.

https://www.vnews.lk/storage/2023/09/MUDITHA-PIRIS-EDIT-01-.mp3?_=1

මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා.

https://www.vnews.lk/storage/2023/09/MUDITHA-PIRIS-EDIT-02.mp3?_=2

 


ලිට්‍රෝ ගෑස් මිල අද සංශෝධනය කෙරේ[Sep 4, 2023 at 09:40]

ගෑස් මිල සංශෝධනයේදී මෙවර සැලකිය යුත ු වැඩි වීමක් අපේක්ෂා කරන බව ලිට්‍රෝ
සමාගම අවධාරණය කරනවා.

මේ අනුව, මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට
සිදුකිරීමට නියමිත බවයි එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළා.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සැලකිල්ලට ගැනීමේ දී මෙරට ගෑස් මිලෙහි
ද සැලකිය යුතු වැඩි වීමක් මෙවර සිදුවනු ඇති බව ද ඔහු සඳහන් කළා.

පසුගිය අගෝස්තු මස 04 වන දින සිදුවූ ගෑස් මිල සංශෝධනයේ දී මිල ඉහළ දැමීමට
නියමිතව තිබුණ ද පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් මිල
සංශෝධනය නොකිරීමටයි ලිට්‍රෝ සමාගම පියවර ගනු ලැබුවේ.

WhatsApp Group

Skip to content