ලිට්රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් එක් දහස් පහකින් අඩු කර තිබෙනවා.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 402 කින් පහළ ගොස් තිබෙනවා. මේ අතර කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 183 කින් පහළ දැමූ බවයි ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/04/MUDITHA-PIRISE-EDIT-02.mp3?_=1

මේ අතර ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ උත්සව සමයේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

https://www.vnews.lk/storage/2023/04/MUDITHA-PIRISE-EDIT-02-1.mp3?_=2

මේ අතර ලාෆ් ගෑස් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගමේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා පවසනවා.

ලිට්රෝ ගෑස් මිල සංශෝධනය කිරීමෙන් පසුව සිය සමාගම ද ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිත බවයි ඔහු පැවසුවේ.

WhatsApp Group

Skip to content