ලාදුරු රෝගීන් හදුනාගැනීම සදහා නිවාස මට්ටමින් පුද්ගලයින් පරීක්ෂා කිරිම ආරම්භ කළ බව ලාදුරු මර්ධන ව්‍යාපාරය පවසනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කළේ එහි පළමු අදියර කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව දින 3ක් තුළ කරන ලද පරීක්ෂා කිරීම්වලදී පමණක් ලාදුරු රෝගින් දෙදෙනෙකු සොයාගත් බවටයි ඔහු පැවසුවේ.

පසුගිය වසරේ මෙරටින් හදුනාගෙන ඇති ලාදුරු රෝගීන් සංඛ්‍යාව 1400 කට අධික බවද සදහන්.

එම පිරිසගෙන් 246 දෙනෙකුම හදුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

WhatsApp Group

Skip to content