දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන එස්.ඒ ටුවෙන්ටි ලීග් ක්‍රිකට් තරගාවලියේ 2024 අදියර වෙනුවෙන් එම් අයි කේප් ටවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොබින් පීටර්සන් පත් කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එම කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පීටර්සන් පසුගිය අදියරේ දී එම් අයි කේප් ටවුන් කණ්ඩායමේ සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළා.

2023 අදියරේ දී කේප් ටවුන් කණ්ඩායම තරග 10කින් තරග 3ක් පමණක් ජය ගත් අතර, හිමි කර ගත්තේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයයි.

ඉන්දියාවේ මුම්මබායි ඉන්දියන් කණ්ඩායමේ හිමිකාරීත්වය දරන මුකේෂ් අම්බානි මෙම එම් අයි කේප් ටවුන් කණ්ඩායමේද හිමිකාරීත්වය දරනවා.

 

WhatsApp Group

Skip to content