කණ්ඩලම ජලාශයේ ජලය සීඝ්‍රයෙන් අඩු වීමෙන් පවතිනවා.

මේ වන විට සොරොව්වේ  පහළම අඩිය දක්වා ජලය පහත් බැස තිබේ.

අක්කර අඩි 2796.75 කව තිබු උපරිම ජල සීමාව මේ වනවිට අක්කර අඩි 6219 දක්වා අඩුවී ඇති බව මහවැලි අධිකාරිය පවසනවා.

තවද  කුඹුරු අක්කර ගණනාවක් පීදෙන අවස්ථාවේ මේ ආකාරයෙන් කන්ඩලමේ ජලය අඩු වීම නිසා ගොවීන් දැඩි භීතියට පත්ව සිටින බව කණ්ඩලම ගොවි සංවිධාන පවසනවා.

කෙසේ වෙතත්   බෝවතැන්න ජලාශය භාර  ප්‍රධාන  ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න  මහතා කියා සිටියේ ජල කළමනාකරණය කිරීම සඳහා තමන් ඇතුළු   නිළධාරීන් කණ්ඩායම දිවා රාත්‍රී වෙහෙසෙමින් කුඹුරු බේරා ගැනීමේ දැවැන්ත සටනක නිරත වන බවත් තමන්ට ලැබෙන ජලය ඉතා පරිස්සමෙන් පරිහරණය කරමින් වගාවන් ටික ආරක්ෂා කර කර ගන්නා ලෙසද ඔහු ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා.

මේ අතරතුර ස්ථාන කිහිපයකින් හොර රහසේ ජලය ලබාගැනීමේ කටයුතු වාර්තා වන බව ද ජලාශ  මත්ස්‍යයන් ආරක්ෂා කිරීම මෙන් ම ගොවීන් ආරක්ෂා කිරීම වන සතුන්ගේ දිය අවශ්‍යතාවය සපුරා දීම ආදී සියලු දේ අරපිරිමැස්මෙන් කරන බවද ඔහු සඳහන් කළා.

 

 

 

WhatsApp Group

Skip to content