ප්‍රායෝගික ව ක්‍රියාවට නැංවිය හැකි ක්‍රමවේදයක් අනුව සමස්ත රාජ්‍ය සේවයේ ම වැටුප් විෂමතා ඉවත් කර වැටුප් ඉහළ නංවන බවත් ඒ අනුව 2025 ජනවාරි සිට රාජ්‍ය සේවකයකුගේ අවම වැටුප රු. 55,000/ ක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමින්.
ඇති අය-වැය සැලසුම් අනුව අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ ක්‍රමවේද හරහා මෙම වැටුප් වැඩිවීම ක්‍රියාවට නැංවීමේ දී ගුරුවරුන්ගේ වැටුප් ඉතා ඉහළ අගයකින් වැඩි වන බවයි එහිදී අමාත්‍යවරයා පැවසුවේ.

WhatsApp Group

Skip to content