ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙතෙක් ස්ථිර පත්වීම් නොලද අනියම්, කොන්ත්‍රාත්, දෛනික හා පුහුණු පදනම යටතේ සිටි කොන්දොස්තර, රියදුරු, ලිපිකරු ඇතුලු සියලුම තනතුරුවල සිටින අය සඳහා ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය පසුගියදා (12) පස්වරුවේ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කෙරෙණි.
ශ්‍රී ලංගමට ඓතිහාසික දවසක් සනිටුවහන් කරමින් නව සේවක ව්‍යවස්ථාවට අනුව 26014 එකවර ස්ථිර සේවයේ පිහිටුවීම මෙහිදී සිදුකෙරිණි.

WhatsApp Group

Skip to content