ශ්රී ලංගම කාර්ය මණ්ඩලයේ අනුමත කර ඇති බඳවා ගැනීම් හා උසස් කිරීමේ පටිපාටිය අනුව අන්තර්ග්රහණය කිරිමේ වැඩසටහනක් අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (09) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වු අග්රාමාත්යවරයා,
“1957 ලංගමය ජනසතු කරන්න බණ්ඩාරනායක මැතිතුමාගේ නායකත්වයෙන් ආණ්ඩුව පිහිටවලා ඒ පනත පිලිප් ගුණවර්ධන මැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා. ඒ අවස්ථාවේ ලංගම කෑල්ලෙන් කෑල්ල ගමු කියලා විශාල විවාදයක් පාර්ලිමේන්තුවේ තිබුණා.පිලිප් ගුණවර්ධන මැතිතුමා පැවසු පරිදි එක දවසින් ගන්න ඕනේ කියන තේමාව යටතේ මහ රාත්රිය පුරා උදේ පාන්දර වෙනකන් ලංකාව පුරා තිබුණු ඒ ඩිපෝ සේවක මහත්වරුන් ජන සතු කළා.
බණ්ඩාරනායක ශ්රීමතාණන් ජනසතු පළ පළමු බස් රථය තවම තියෙනවා. ඈත එපිට ගම්මානවල ජනතාව එදිනෙදා ප්රවාහනයටත් කුඩා බඩු ප්රවාහනයටත් ලංගමය දැවැන්ත ශක්තියක් වීම නිසා ආර්ථිකය අතිශය වැදගත් කර්තව්යක් ශ්රී ලංගම හැමදාම ඉටු කළා. අපි පාසල් සේවයට ප්රමුඛත්වය ලබා දීලා තිබෙනවා. එදා බන්දුල ඇමතිතුමයි මමයි ශිෂ්යාධාර සීසන් ටිකට් පත අවලංගු කරන්න හදනකොට උසාවි ගියා. ශ්රේෂ්ඨාධිකරණය තීරණයක් දුන්නා මෙය ජනතාවට අයිති දෙයක් ලෙස ආරක්ෂා කරන්නට කටයුතු කරන්න කියලා. ඒ නිසා සීසන් ටිකට් පත්රය ආරක්ෂා වුණා අපේ දරුවන් ලක්ෂ ගණනකගේ.
අපි විශ්වාස කරනවා දැන් ලංගමයේ දියුණුවට පරිවර්තනය කරන විශාල ජීවයක් වෙනවා ඇති කියලා. දැන් අපිට විවිධ කලකිරීම් තිබුණ යම් යම් අංශ ඒ මගින් ඉවර වෙලා අපේ සිත අපේ ශක්තීන් අපේ ඒකාබද්ධතාවයන් ඇති කර ගෙන අපට ලබා දිය හැකි උපරිමය ජනතාවටත් විශේෂයෙන් ජනතාවගේ දරුවන්ටත් ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා.”

WhatsApp Group

Skip to content