පළමු වරට පැවැත්වීමට සැලසුම් කර ඇති  ලංකා  T10 ක්‍රිකට් තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස 12  දා සිට 22 දා තෙක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

මේ වෙනුවෙන් ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීමේ අවස්ථාව ඊයේ සවස 6.00 සිට ආරම්භ වූ අතර, එළඹෙන 23 වැනි දා සවස 6.00 දක්වා ඔවුන්ට ලියාපදිංචි වීමේ අවස්ථාව හිමි වනු ඇති.
www. Srilanka cricket.lk  වෙබ් අඩවිය වෙත පිවිසිමෙන් ක්‍රීඩකයන්ට  ලියාපදිංචි වීම සදහා අවස්ථාව හිමි වනවා

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් හයක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, එම කණ්ඩායම්  කලම්බු ස්ට්යිකස්  ,  කැන්ඩි බෝල්ට්ස්  ,  ගෝල්  මාවර්ලස්  ,  හම්බන්තොලට බංගලා  ටයිගස්  , දබුල්ල  බ්‍රෙව් සහ  ජැෆ්නා  ටයිටන්ස්  ලෙස නම් වනු ඇති .    .

එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 07ක් ඇතුළුව උපරිම ක්‍රීඩකයින් 17 දෙනෙකුගේ සංචිතයක් පවත්වාගෙන යා හැකියි.

WhatsApp Group

Skip to content