ලංකා සතොස අලෙවිසැල් ජාලය මගින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දමා තිබෙනවා.
ඒ අනුව, වටානා කිලෝග්‍රෑමයක මිල රුපියල් 13කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 275ක්.
පාන්පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 5කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 195ක් වනවා.
මීට අමතරව රතු පරිප්පු රුපියල් 4කින් අඩු කර ඇති අතර, ඒ අනුව රතු පරිප්පු රුපියල් 295 කට අලෙවි කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

 

WhatsApp Group

Skip to content