ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊට අදාළ ලිපිය ඊයේ දිනයේදී විදුලි හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මාස 14කට පෙර වඩා අභියෝගාත්මක කාලසීමාවකදී එම ධුරය භාරගෙන ඔහු විසින් කරන ලද කැපවීමට සහ සේවයට ස්තූතිවන්ත වන බවයි.

පෞද්ගලික හේතුවක් මත ඔහු මෙලෙස ධුරයෙන් ඉල්ලා අස්වන බවට දැනුම්දුන් බවද අමාත්‍යවරය සිය පණිවුඩය මගින් සඳහන් කර තිබෙනවා.

 

 

WhatsApp Group

Skip to content