ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ එහි පළමු පියවර ලෙස සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු වෙනත් ආයතනයක් බවට පත්කරන බවයි.

එමගින් තෙල් පිරිපහදුවට අවශ්‍ය ආයෝජන සොයාගැනිම, ඉන්ධනවල ප්‍රමිතිය, කාර්යක්ෂමතාව සහ ධාරිතාව ඉහළ නංවා පිරිවැය අඩු කිරීමට හැකිවනු ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content