එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද පැවැත්වෙනවා.

ඉන්දියාවේ වංකඩේ හිදි පැවැත්වෙන මෙම තරගය පස්වරු 2 ට ආරම්භ වීමට නියමිතයි.

අද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට ඉඩ ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ධනංජය ද සිල්වා වෙනුවට බොහෝ දුරට දුනිත් වෙල්ලාලගේ ක්‍රීඩා කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර නවසීලන්තයට එරෙහිව ඊයේ ලැබූ ජයග්‍රහණයත් සමග දකුණු අප්‍රිකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ ගැනීමට සමත්ව තිබෙනවා.

මෙම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ සහ තෙවන ස්ථානයේ පිළිවෙලින් පසුවන්නේ සත්කාර ඉන්දීය කණ්ඩායම සහ ඕස්ටේ්‍රලියානු කණ්ඩායමයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ 7 වන ස්ථානයයි.

WhatsApp Group

Skip to content