මෙරට සිටි ළමා රෝග විකිරණවේදය පිළිබඳ එක ම විශේෂඥ වෛද්‍යවරයා ද රට හැර ගොස් ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එම සංගමය පෙන්වා දෙන්නේ, මෙරට සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් බහුතරයක් මේ වන විට රට හැර ගොස් ඇති බවයි.

ඛන්තු රේඛ පිළිබඳ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්, ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරුන්, ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්, හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, ළමා මනෝ වෛද්‍ය විශේෂඥවරුන් ආදී ක්‍ෂේත්‍රවල සිටි සීමිත විශේෂඥ වෛද්‍යවරුන් ද මේ වන විට රට හැර ගොස් ඇති බවත් එම සංගමය ප්‍රකාශ කළා.

එළඹෙන 2024 -2025 වර්ෂ සඳහා මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට විශේෂඥ වෛද්‍යවරුන් හාර දහසක් පමණ අවශ්‍ය බවට ඇස්තමේන්තුගත කර ඇතත් මේ වන විට ත් රට තුළ සිටින්නේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදහසක් පමණ යැයි ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න පැවසූ අතර තවදුරටත් ඒ මහතා පවසා සිටියේ හදිසි අනතුරු අංශවල සේවය කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ලෙස තිස් දෙනෙකු පමණ පුහුණු කළ ද මේ වන විටත් ඉන් විසිදෙනෙකු පමණ රට හැර ගොස් ඇති බවයි.

2024-2025 වසර සඳහා නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඇස්තමේන්තුව 289ක් වුව ත් මේ වන විට මෙරට සිටිනුයේ, නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 155 දෙනෙකු පමණක් බව ත් ඉන් තිස් දෙනෙකු ම රට හැර ගොස් ඇති බව ත් ඔහු  සඳහන් කළා.

මෙරට ඉතිරි වනු ඇත්තේ, නිර්වින්දන වෛද්‍යවරු සියදෙනෙකුගෙන් පමණ යුතු පිරිසක් බවත්  ඔහු කිිියා සිටියා.

WhatsApp Group

Skip to content