ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම පිළිබදව අද දින තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

ඉන්දියාවේ අහමදාබාද් හිදි පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී මෙම තීරණය ගැනීමට නියමිතව ඇති බව සදහන්.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන එම රැස්වීමේදී මේ පිළිබදව පු`ඵල්ව සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා පනවා ඇති තහනම ඉවත් කරන්නේ නම් ඒ සදහා පනවනු ලබන කොන්දේසි පිළිබදවද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව සදහන්.

එමෙන්ම එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැනද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවටයි වාර්තා වන්නේ.

අදාළ සාකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය කරමින් නිරීක්ෂණ මට්ටමේ නියෝජිතයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ද සහභාගි වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content