රෝහල් රැසක අක්‍රීය වී ඇති ස්කෑන් යන්ත්‍ර අලුත්වැඩියාව හෙට දිනයේ සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා .

ඒ සඳහා රුපියල් බිලියන 4ක් වෙන් කර ඇති බවයි විෂය භාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ .

ජනාධිපති ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පල කරනු ලැබුවා .

පසුගිය සමයේ පැවති ආර්ථික අර්බුදයත් සමග රෝහල් පද්ධතියේ තිබූ CT ස්කෑන් යන්ත්‍ර ඇතුළු විකිරණ පරීක්ෂණ සිදුකරන යන්ත්‍ර අලුත්වැඩියාව සඳහා ගිවිසුම් ගතවීම සිදුනොවූ බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කලේ .

ඒ අනුව මේ වනවිට රජයේ රෝහල් පද්ධතියේ ඇති CT ස්කෑන් යන්ත්‍ර 14ක් ඇතුළු විකිරණ පරීක්ෂණ යන්ත්‍ර රැසක් අක්‍රීය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවා .

 

WhatsApp Group

Skip to content