රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීමේ ප්රඥප්තියේ අවසන් කෙටුම්පත ඉදිරිපත් කිරීම කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා (06) පාර්ලිමේන්තුවේ දී සිදුවිය.
මේ අවස්ථාව සමඟින් සෞඛ්ය සහ කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය විජේදාස රාජපක්ෂ, සෞඛ්ය රාජ්ය අමාත්ය වෛද්ය සීතා අරඹේපොළ, සෞඛ්ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී මයන්ත දිසානායක, සෞඛ්ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත් කළ අනුකාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය උපුල් ගලප්පත්ති, පාර්ලිමේන්තු මන්ත්රී චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, හිටපු කථානායක කරු ජයසූරිය, ශ්රී ලංකා වෛද්ය සංගමයේ හිටපු සභාපති සහ සර්වෝදය ව්යාපාරයේ සභාපති විශේෂඥ වෛද්ය වින්යා ආරියරත්න, ලෝක සෞඛ්ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්ය අලකා සිං යන මහත්ම මහත්මීන් ද සහභාගී විය.
මෙම අවසන් කෙටුම්පත සෞඛ්ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනු කමිටුව සහ එහි විද්වත් මණ්ඩලය විසින් ලෝක සෞඛ්යය සංවිධානයේ උපදෙස් හා මගපෙන්වීම මත සකස් කොට ඇත. ඒ අනුව මෙම ප්රඥප්තිය දකුණු ආසියානු කලාපයේ රෝගීන්ගේ ආරක්ෂාවසහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා සකස් කළ පළමු ප්රඥප්තිය ලෙසටයි සැළකෙන්නේ.

WhatsApp Group

Skip to content