ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රය අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලතල, කාර්යයන් සහ රාජකාරි ඉටු කිරීම සදහා හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ අතුරු කමිටුව විසුරුවා හරිනු ඇති.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා ඇති තහනම ඉවත් කිරීමේ අරමුණින් මෙම ගැසට් පත්‍රයට අත්සන් තැබූ බවයි ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ පැවසුවේ.

WhatsApp Group

Skip to content