ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය ධුරයෙන් රොෂාන් රණසිංහ මහතා ඉවත් කිරීමෙන් හිස් වූ අමාත්‍ය ධුරයන් සඳහා නව අමාත්‍යවරුන් පත් කර තිබෙනවා.

ඒ අනුව වාරිමාර්ග අමාත්‍යවරයා ලෙසින් දැනට වනජීවි හා වන සම්පත් සංරක්ෂන අමාත්‍යවරිය ලෙස කටයුතු කරනු ලබන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත් කර තිබෙනවා.

මේ අතර සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙසින් කටයුතු කරනු ලබන හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙසින් පත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ මීට සුළු මොහොතකට පෙර ඔවුන් දෙදෙනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බවයි.

WhatsApp Group

Skip to content