ශ්‍රී ලංකා රේගු බහාලුම් පරීක්ෂණ අංගය තුළ දැඩි තදබදයක් නිර්මාණය වී තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුදත් සිල්වා මහතා පැවසුවේ පසුගියදා පැවති දින 05 ක නිවාඩුව මෙම තදබදය නිර්මාණය වීමට හේතුවී ඇති බවයි.

මේ හේතුවෙන් දිනකට ලැබෙන බහාලුම් ප්‍රමාණය අඩු වී ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

අද වන විට මෙම තදබදය ඉවත්වනු ඇති බව ද රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත් සිල්වා මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content