ශ්‍රී ලංකා රේගුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කර තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කිරීමට රේගු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
රේගු ත්‍යාග අරමුදලට අදාලව මුදල් අමාත්‍යාංශය විසින් ගෙන තිබූ යම් තීරණ වලට විරුද්ධව පසුගිය සිකුරාදා දින සිට මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමටයි ඔවුන් කටයුතු කළේ.
ඒ අනුව ඊයේ පස්වරුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්චාවේදී ඉල්ලීම් වලට සාධනීය ප්‍රතිචාර ලැබීමේ හේතුවෙන් මෙම තීරණය ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසුවා.
ඒ අනුව අද උදෑසන සිට සාමාන්‍ය පරිදි රේගුවේ වැඩකටයුතු සිදු කිරීමට නියමිතයි.