රේගු නිලධාරීන් අද)උදෑසන සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

රේගු නිලධාරීන්ගේ සංගමයේ, සභාපති, අමිල සංජීව මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර සිටියේ අද උදෑසන 9 සිට පස්වරු 4.45 දක්වා මෙම අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය පවත්වාගෙන යන බවය.

ඉන් අනතුරුව අතිකාලවලින් ඉවත් වන බව ද පැවසු ඒ මහතා, සාමාන්‍ය දිනකට බහාලුම් 2,000කට ආසන්න සංඛ්‍යාවක් නිදහස් කිරීමට වෙනදාට කටයුතු කරන බව ද පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කර සිටියේ, වෙළෙඳපොළ තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවීමේ ප්‍රවණතාවයක් සිදුවිය නොහැකි දෙයක් බවය.

WhatsApp Group

Skip to content