උප්පැන්න, විවාහ, මරණ රෙජිස්ටාර්වරුන් පිරිසක් සහ මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණ.
සමස්ත දිවයිනේම මිනිසුන්ගේ අවශ්යතාවල දී සුවිශාල සේවාවක් කරන පිරිසක් ලෙස සැලකෙන උප්පැන්න, විවාහ, මරණ රෙජිස්ටාර්වරුන්ගේ නියෝජිත පිරිසක් සහ භාණ්ඩාගාර අයවැය අධ්යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු ආයතන නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක්ව තිබේ.
සේවය සැපයීමේ දී ඔවුන් දිගින් දිගටම මුහුණ දෙන ආර්ථික ගැටලු සඳහා විසඳුම් සොයන්නේ කෙසේ ද යන්න මෙහි දී අවධානයට ලක් විය.

WhatsApp Group

Skip to content